මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය සහ හබරාදූව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(17) අලුයම් කාලයේදී නුවරඑළිය නගරයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් 9ක් ඊයම් බෝල 174ක් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් සමග ජීප් රථයක් අත්අඩංගුවට ගත් බවයි.
ඒ නුවරඑළියේ පොලිසියේ නිලධාරීන් පිරිස්ක සිදු කළ වැටලීමකදීයි.
එහිදී වයස අවුරුදු 39, 50 සහ 55 යන වයස්වල පසුවන කුරුණෑගල, දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ගාල්ල හබරාදූව ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතරොම් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හබරාදූව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උණවටුන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතරොම් හතරක්, කෙටේරියක් සහ තහනම් ආයුධයක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.