යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයේ පවතින ජලය දින 70 කට පමණක්, ප්‍රමාණවත් බව මහවැලි අධිකාරිය පවසනවා .
එහි නියෝජ්‍ය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට උඩවලව ජලාශයේ අක්කර අඩි එක්ලක්ෂ අනූඅටදහසක ජල ධාරිතාවක් පවතින බවයි.
ඒ අනුව සම්පුර්ණ යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය අක්කර අඩි ලක්ෂ තුනක්.
එහිදී ඉතිරි ජල ප්‍රමාණය සමනල වැව ජලාශයෙන් ලබා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව, ඔහු වැඩි දුරටත් පැවසුවේ .