මහ කන්නයේ දී රජය පොහොර බෙදාදීමෙන් ඉවත්ව ගොවීන්ට සහනාධාර ක්‍රමයක් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .
ඔහු පවසන්නේ, රජය පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළින් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට භාරදීමට කටයුතු කරන බවයි .
මෙවර යල කන්නයේ දී යුරියා පොහොර හා බණ්ඩි පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් සහ මඩපොහොර බෙදාහැරීම සඳහා රුපියල් බිලියන 02ක් වැය කර තිබෙනවා .
මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබාදීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වාදෙනවා