සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක කාලයක් සඳහායි මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පත්කර තිබෙනවා.





 


 







 
								