විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.
තරගය ඉන්දියාවේ අහ්මදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අර්ධ අවසන් තරග දෙකක් පැවැති අතර ඉන් එක් තරගයක් දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති අතර ඉන් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූවා.
අනෙක් තරගය පැවැත්වුනේ එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.
එහිදී ඉන්දීය කන්ඩායම ජයගැනීමට සමත් වූවා.














