නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බවයි.
එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.











