පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත් වූ උළුවඩුගේ සඳමාලි මන්ත්රිවරියගේ සුවදුක් බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට මෙලෙස පහර දී තිබුණා. පහරකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













