මහියංගණ – බදුල්ල මාර්ගයේ, මාපාකඩවැව – 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයීය නිලධාරීන් මහියංගණ පොලිසිය සහ ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළී ගිය මෝටර් රථය මහත් වෙහෙසක් දරා ගොඩ ගෙන ඇති අතර එහිදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බව සඳහන්. අනතුරුව ඔවුන් කඩිනමින් ගිලන් රථයක් මගින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද, ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
උණුසුම් පුවත්
- චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
- අයිස් සමග පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
- මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
- කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක්
- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
- නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?










