වයස අවුරුදු 18න් පහළ ළමයින්ට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමාකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා දෙන බවයි ටික්ටොක් සමාගම සඳහන් කර ඇත්තේ.
18ට අඩු පරිශීලකයන් සඳහා ස්වයංක්‍රීයව කාලය පාලනය කිරීමට මෙම නව ක්‍රමවේදය යටතේ ටික්ටොක් සමාගම මැදිහත්වී කටයුතු කරන අතර භාවිත කරන කාලය පැයක් ඉක්මවා යන විට ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමක් ද සිදුකෙරෙන බව එම සමාගම සඳහන් කර තිබෙනවා.