17 හැවිරිදි ටික්ටොක් තරුවක් වූ සානා යූසුප් ඝාතනයෙන් පකිස්ථානය කැළඹීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ තරුණියක් වූ සානා යූසුප්, ඇයගේ නිවසේදීම ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මැයි මස 29 වැනිදා 17 වන උපන් දිනය සැමරූ සානා යූසුප් ජුනි මස 2 වන දින ඇයගේ මව සහ නැන්දා ඉදිරියේදී ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
ඝාතනය ප්‍රධාන සැකකරු වූ 22 හැවිරිදි උමාර් හයාත් නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.
ඔහු ඉස්ලාමාබාද්හි සිට කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටි ෆයසිලාබාද්හි පදිංචිකරුවෙකි.
ඉස්ලාමාබාද්හි පොලිස්පති සයිඩ් අලි නසීර් රිස්වි මාධ්‍ය හමුවකදී කියා සිටියේ අමානුෂික මිනීමරුවා දැන් නීතියේ ග්‍රහණයට හසුව ඇති බවයි.
හයාත් විසින් සානා යූසුෆ් සම්බන්ධ කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කර ඇති නමුත් ඇය විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතන සැකකරු සානා යූසුෆ් හමුවීමට පැය කිහිපයක් උත්සාහ කර ඇති බවත් එය අසාර්ථ වී ඇති බවත් බහු ප්‍රතික්ෂේප කිරීම් සහ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පසු සැකකරු බලහත්කාරයෙන් ඇයගේ නිවසට ඇතුළු වී ඇයට වෙඩි තබා ඇති බවට පොලිසිය පවසනවා.
සානා යූසුෆ්ගේ මව විසින් ලබාදී ඇති වාර්තාවක දැක්වෙන්නෙ වෙඩික්කරු සවස 5ට පමණ පිස්තෝල අවියකින් 17 හැවිරිදි දැරියට ඉතා අසන්න දුරකින් වෙඩි තබා ඇති බවයි.උණ්ඩ දෙකක් පමණ ඇයගේ පපුවට වැදී ඇති බවත් ඇයව රෝහලට ගෙන ගිය නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
සානා සිය අවසන් උපන් දින සැමරුම සිදු කළ ආකාරය…
@sanayousaf11 For u#pashtosong #pashtosong #gilgitbaltistan #foryou #foryou #gilgitbaltistan #pashtosong #foryou #foryoupage #foryou #foryou #foryoupage #foryou #gilgitbaltistan