දැදුරුඔය ජලාශයේ වාන්දොරටු අටෙන් හයක් අද (23) දහවල් සිට නැවත විවෘත කළ බව ජලාශ භාර වාරි ඉංජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කරනවා .
ඊයේ (22) රාත්‍රියේ සිට දැදුරුඔය සහ එහි අතු ගංගාවක් වන මගුරුඔය පෝෂක ප්‍රදේශ වලට පැවැති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව, වාන් දොරටු දෙකක් අඩි 06 බැගින් සහ තවත් හතරක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 17700 ක ජල පරිමාවක් මුදාහැරෙමින් පවතිනවා .
මෙම තත්ත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වල ජනතාවට අවධානමෙන් සිටිය යුතු තත්ත්වයක් බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා .
එමෙන්ම තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එය ඉදිරි පැය 24 සඳහා වලංගු වෙන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .













