දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී .
මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.
මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
කෙසේවෙතත් එහිදී මාර්ග වසා තැබීමක් සිදුනොවන අතර උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවක් සිදුවුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තුව මාර්ගයේ රථවාහන ගමනාගමනය සිමා කරන බව සඳහන්.
විකල්ප මාර්ග ලෙස කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.
කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.