වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව එරට අගමැතිවරයා ප්‍රකාශකර සිටිනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා ලබා දෙමින්.
අගමැතිවරයා මෙම වසර මුලදී සමාජ මාධ්‍ය වයස් සීමාවක් ප්‍රථම වරට යෝජනා කළ නමුත් ඔහු එයට ස්ථිර වයස් සීමාවක් ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වනවා
නව නීති නොවැම්බර් අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම සතියේ රාජ්‍ය සහ ප්‍රදේශීය නායකයින්ට ඉදිරිපත් කරන බවයි එරට අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.