දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි. එහිදි එක් කණ්ඩායමක් විසින් අද දින(2024 නොවැම්බර් 27) චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, අද දින (2024 නොවැම්බර් 27) පස්වරුවේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මගින් සිදුකල සහන සැලසීමේ ක්‍රියන්විතයකදී මෙලෙස මඩකළපුව, චෙන්කලඩි මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්ව ගොවි බිමක සිරවී සිටි කුඩා දරුවකු (01) ඇතුළු තිදෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට හැකි වූ අතර, ආරක්ෂිතව බේරාගන්නා ලද එම පවුල එරාවුර් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රැගෙන යාමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්පහක් (135) සූදානමින් තබා ඇත.