මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සලකා නොබැලෙන අතර උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට මෙමගින් සිසුන්ට අවස්ථා සැලසෙනවා.
2024 (2025) හෝ පසුගිය වසර 2ක් ඇතුළත හෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑ ම සිසුවෙකුට තම ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකියි.
12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකි වනවා.
13 ශ්‍රේණියේ දී සිසුන්ට සුදුසු වෘත්තීයක NVQ 4 මට්ටමේ පුහුණුවකට රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින් ම සම්බන්ධ කරයි.
මෙහි දී, සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන් ම රැකියා ස්ථානයක පුහුණුව ද ලබා ගත හැකියි.