‘ඩිං ඩොං ඩිච්’ නමැති සුලබ විනෝද ක්‍රීඩාවක යෙදී සිටි 11 හැවිරිදි පිරිමි ළමයකු ටෙක්සාස්හි හූස්ටන් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පසුගිය සති අන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මිතුරන් පිරිසක් සමඟ සෙනසුරාදා රාත්‍රියේ නිවසක දොර සීනුව නාද කර පලා යමින් සිටියදී මෙම පිරිමි ළමයා වෙඩි තැබීමට ලක්ව ඇති බව හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.
“ඩිං ඩොං ඩිච්” යනු දරුවන් අතර ඉතා ජනප්‍රිය විනෝද ක්‍රීඩාවක් වන අතර, එහිදී ඔවුන් නිවසක දොරට තට්ටු කර හෝ සීනුව නාද කර දොර විවෘත කිරීමට පෙර පලා යන අතර මෑත වසරවලදී, සමාජ මාධ්‍ය හරහා මෙම ක්‍රීඩාව තවත් ජනප්‍රිය වී තිබෙනවා.
අදාල සිදුවීම සිදුවන අවස්ථාවේදී, දොර සීනුව නාද කිරීමෙන් පසු පිරිමි ළමයෙකු නිවසෙන් දුව යනු දුටු බවට සාක්ෂිකරුවෙක් පොලිසියට පවසා තිබෙනවා.
පසුව, ඔහුට වෙඩි තැබීම සිදුව ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.