10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා තිබෙනවා.
එමෙන්ම ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මේ බව දන්වා තිබෙනවා.