වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක් හමු වී තිබෙනවා.
එම නිවැසියන් විසින් යම් කටයුත්තක් සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙවත්තේ වලක් හෑරීමකදී මෙම ආයු හමුවී ඇති අතර අනතුරුව ඔවුන් විසින් ඒ බව වවුනියාව පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
යුධ සමයේ කිසියම් සංවිධානයක් හෝ ත්‍රස්ත කණ්ඩායමක් අදාළ ගිනි අවි සහ පතොරම් මෙලෙස වල දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් සොයා ගත් ගිනි අවි දෙක සහ පතොරම් තොගය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














