පොලිසිය ඊයේ දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ඊයේ දිනයේදී පුද්ගලයන් 27567 දෙනෙකු පරීක්ෂාවට ලක්කළා.
එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 26 ක්.
වරෙන්තුකරුවන් 369 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 326 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
බීමත් රියදුරන් 308 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4153 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.













