අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 17 වන දා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ මහතාගේ නෙිවසේ දේහය අද(15) රාත්‍රීයේ සිට මහජන ගෞරවය පිණිස තැන්පත් කර තිබෙන බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.
මහනුවර නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ඇත්තේ 17 වනදා පස්වරු පහට පමණයි.
ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලදී අභාවප්‍රාප්ත වුණා.
ඒ දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.