පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තවනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.
ඒ අනුව වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන ආයතන නීති උපදෙස් ලබාගනිමින් විසුරුවා හැරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
හඬ පට ධාවකයපළාත් පාලන ආයතනවල දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කල අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයට අගතියක් වන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට තමන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි.
හඬ පට ධාවකයපළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.