අධිවේගී මාර්ගයේ බස් රථවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා .
ඒ සම්බනධයෙන් පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද අවධානය යොමුවී තිබුනා.
කෙසේවෙතත් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහන වල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලදීම හෙට සිට අනිවාර්ය බවයි ප්‍රවාහන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේ.