මස්කෙළිය, බ්රන්ස්වික් තේ වතුයායේ, බ්රන්ස්වික් කොටසේ අංක 01 වතු නිවාස ගොඩනැගිල්ලේ ඊයේ රාත්රීය් හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වතු නිවාස 04කට අර්ධ හානි සිදුව තිබෙනවා.
මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නැහැ.
මෙම වතු නිවාස පේළියේ එක් නිවසකින් හටගත් ගින්න යාබද නිවාස 03ක සෙවිලි හරහා පැතිර යමින් තිබියදී වතු කම්කරුවන් හා මස්කෙළිය පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්රමයක් දරා යාබද නිවාස වලට ගින්න පැතිර යාම වළක්වා නිවා දමා තිබෙනවා.
ආපදාවට ලක්වූ නිවාස හතරෙහි පාසල් ළමුන් 05 දෙනෙක් සමග සාමාජිකයින් 10ක් සිටිනවා.
ඔවුන් මේ වනවිට ඥාතී නිවෙස්වල තාවකාලිකව නවාතැන් ගෙනයි සිටින්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වනු ලබනවා.