පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. මෙහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා . ඒ අනුව ඔවුන් තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි .
ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව තිබෙනවා. මාස 10 කට පමණ පසුව භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා තිබීමද විශේෂත්වයක් . මෙම තරගාවලියේ පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම පරදා පාකිස්ථාන කණ්ඩායම ජයගනු ලැබුවා.












