සංශෝධිත විදුලි ගාස්තු පිලිබදව හෙට දිනයේදී මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දීමට නියමිතයි.
මෙලෙස හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ මෙම වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය වනවා.
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පළාත් නවයම ආවරණය වන පරිදි පසුගිය දින වල සිදු කර තිබුණා.
එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය පිලිබාව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
නමුත් IMF වැඩසටහනේ බලපෑම හා නිර්දේශ මත විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බිල 6.8%කින් වැඩි කිරීමට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිසම වෙත මේ වනවිට භාර දී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්ත්වය පිරිහීම, උද්ධමනය ඉහළ යෑම, බදු අවශ්‍යතා සම්පූර්ණ නොවීම හෝ ණය ගැනීමට හේතු විය හැකි බවටයි එම අරමුදලේ බලධාරීන් රජයට අනතුරු අඟවා ඇත්තේ.