එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් සිය අස්වැන්න අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවලු තොග ලැබීමත් සමඟ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ .
විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් ,ලීස්, බීට්, ගෝවා ආදි එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 60ත් 70 ත් අතර මිලෙන් පහළ පවතින බවත් ඇතැම් එළවළු වර්ෂාව හේතුවෙන් ගුණාත්මකභාවයෙන් අඩුවීම නිසා මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපාන බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.
මිල පහත වැටී ඇති බවත් ඒ සදහා වගකිවයුතු පුද්ගලයකු නොමැති බවත් ගොවීන් දැඩි ලෙස චෝදනා කරනු ලබනවා.
ප්‍රවාහන ගාස්තු බීජ සහ අනෙකුත් නිෂ්පාදන වියදම් එකසේ බලපෑවද තම නිෂ්පාදන වලට මිලක් නොමැතිවීම නිසා ඔවුන් ප්‍රශ්නයකට මුහුණ පා ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ .
ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් සඳහන් කළේ එළවළු මිල පහත වැටීම හේතුවෙන් තමන්ටද ඒවා අලෙවි කර ගැනීමට නොහැකි බවයි.
මෙහිදී ගෝවා රුපියල් 30ත් 40 ත්, බෝංචි රුපියල් 190ත් 200 ත්, ලීක්ස් රුපියල් 60ත් 70ත් , කැරට් රුපියල් 60ත් 70ත්, බීට් රුපියල් 30ත් 60ත්, තක්කාලි රුපියල් 60ත් 80 ත්, කැකිරි රුපියල් 20ත් 25ත් , නුවරඑළියේ ප්‍රදේශයේ අර්තාපල් රුපියල්160ත් 190 ත් වැටකොලු රුපියල් 80ත් 90ත් වට්ටක්කා රුපියල් 25ත් 30ත් . වම්බටු රුපියල් 150 ත් 160. මුරුංගා රුපියල් 25ත් 30ත් දේශීය ලොකු ලුණු රුපියල් 130ත් 140 අතර මිල ගණන්වලට අලෙවි වනවා .
එම අවස්ථාවේදී අලෙවි නොවන එළවලු විශාල වශයෙන් කුණු දමන ටැංකි වලට දමා ගොස් ඇති බවද අප වාර්තාකරු සදහන්කලා.