ඉඩම් ගැටලුවට විසඳුම් දෙන ලෙස ත්‍රිකුණාමලය මුත්තුනගර් ගොවිජනතාව හා ජන අරගල ව්‍යාපාරය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
උද්ඝෝෂණය අතරතුර කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණ බවයි වාර්තා වුණේ .
මේ මස 30 වනදා තමන්ට ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වූ බවයි එහිදී ඔවුන් සදහන් කළේ.
එම සාකච්ඡා වටයෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා .