දේශීය බිත්තරයක් රුපියල් 38කට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර සංගමය පවසනවා. එහි ලේකම් රත්නසිරි අලහකෝන් මහතා සඳහන් කරන්නේ තවත් මාසයකින් පමණ එම මුදලට බිත්තර අලෙවි කිරීමට කරයුතු කරන බවයි.
මිනිස් පරිභෝජනයට මේ වන විට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බිත්තර නිෂ්පාදනය සිදුවන බැවින් දෙසැම්බර් මාසය වන විට බිත්තර අතිරික්තයක් ඇති වන බවයි ඒ මහතා සඳහන් කලේ.
ඒ අනුව මේ වන විට මාසිකව බිත්තර ලක්ෂ 06 බැගින් නිෂ්පාදනය කරන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කලේ.