මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 97කින් සම්මත වුණා.
එහිදි විපක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි.
අදාළ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පක්ෂ විපක්ෂ වාද විවාද මැද මෙම පනත අද දින දීර්ඝ වශයෙන් අවධානයට යොමු වුණා.
මේ අනුව මෙම පනත පිළිබඳව ඊයේ දිනයේදීත් ජනාධිපතිවරයා සහ පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. කෙසේ වෙතත් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ සඳහා සහභාගි නොවූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
හඬ පට ධාවකයමේ අතර රැකියා නොමැතිව රටින් පිටත්ව ගොස් රට රැකියා සඳහා යාමට සිදුව ඇති මොහොතක ජනතාවගේ පීඩනය මැතිවරණයක් හරහා අඩු කර ගැනීමටවත් ජනතාවට අයිතිය ලබා නොදෙන්නේ මන්දැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
හඬ පට ධාවකයමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුළින් තවත් මාස කිහිපයක් මැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවේ කටයුතු සිදු කර ගැනීමට කටයුතු කරන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් චෝදනා කළේ.
හඬ පට ධාවකයකෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා අදාළ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වසරකට පමණ ඉහතදී ගෙන ඒමට තීන්දු කරන්නක් බවයි.
හඬ පට ධාවකයවිදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.
හඬ පට ධාවකයපළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති බවට තමන්ට දැනගන්නට හැකි වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
මේ පිළිබඳව සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ජනමතයක් නොමැති ආණ්ඩුව පිළිබඳව ප්‍රකාශ කිරීමට ජනතාවට මැතිවරණයක් සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙසයි.
හඬ පට ධාවකය