ප්‍රතිසංස්කරණවලට යොමුව තිබීම ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහතික කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.
ලංකාවේ සෑම කෙනෙකුටම එය හඳුනා ගැනීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය වසර දෙක තුළ සියලුම දුෂ්කර ගැලපීම් සිදු වූ අතර රටක් ලෙස එය ඉදිරියට යාම වඩාත් පහසු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.