දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, එරට බලධාරීන් පවසනවා. දකුණු කොරියානු දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බදාදා වර්ෂාව ආරම්භ වීමෙන් පසු 10,000 කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් ඉවත් කර ඇති බව සඳහන්. එමෙන්ම තවත් 41,000 කට වැඩි නිවාස සංඛ්‍යාවක තාවකාලිකව විදුලියද ඇණ හිට තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













