යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මේ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරුපැදියක් ගිනි තබා තිබු බවයි සඳහන් වන්නේ. එහිදී පොලීසියටද ගල් – මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
- ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදයි
- විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695 ක්
- කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
- අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
- ගල්කිස්ස සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප
- අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි
- බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි