දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසියය දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා 20 දින පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි
ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වැරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ යෑමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 20 දින උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් තුන්සිය අසූවත් හාරසීයත් අතරි තොග මිලක් පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති
විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බව ජනතාව ආර්ථික මධ්‍යස්ථානය තුළදීම පෙන්වා දෙන ලදී