ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති සන්ධානය අතර පැවැති සාකච්ඡාවල පළමු පියවර සාර්ථික වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානායේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.
වෛද්‍ය වෘත්තිකයන්ට වැඩි කරන ලද ඩැට් (DAT) දීමනාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දීමනා ලබාගැනීම අරමුණු කර ගනිමින් වර්ජනයක නිරත වූවා.
ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාව අද පස්වරුවේ පවත්වා තිබෙනවා.
එහිදී ව්‍යුහාත්මක විසඳුමක් සඳහා පත් කළ නිල කමිටුව එළැඹෙන සඳුදා දිනයේදී රැස්වීමට නියමිතයි.
වර්ජනය එළැඹෙන අඟහරුවාදා දිනය තෙක් තාවකාලිකව අත්හිටුවන බවත් හෙතෙම කියා සිටියා.