Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙක් අපරාධ රැසක් හෙළිකරයි

    රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙක් අපරාධ රැසක් හෙළිකරයි

    2025-09-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැලණිය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සැකකරුවෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව එම කොට්ඨාසය පවසනවා.

    පොලිසිය කියා සිටියේ පසුගිය 22 වනදා වත්තල, ඇලකන්ද ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන සැකකරුවෙකු බවත් සැකකරු වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

    සැකකරු සැප්තැම්බර් 23 වනදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝගයක් ලබාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

    ඒ අනුව දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි කොල්ලකෑම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවත් පොලිසිය පවසනවා.

    එසේම මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙකු බවටද අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

    ජුනි මස 30 වන දින කිරිබත්ගොඩදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑමේ අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු ලෙස සැකකරු පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    එසේම ජූලි මස 03 වන දින කඳානදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු බවටද අනාවරණ වී තිබෙනවා

    අගෝස්තු මස 7 වන දින කඳන ප්‍රදේශයේදීත් සැප්තැම්බර් 06 වන දින මීගමුව ප්‍රදේශයේදීත් නිවාස දෙකකට වෙඩි තැබීමේ සිද්ධිවල වෙඩික්කරු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත මෙම සැකකරු විසින් ඉහත අපරාධ සිදු කර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

    අපරාධ සඳහා යොදා ගත් යතුරු පැදියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙවනවා.

    කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තනීති විරෝධී බීඩි කොළ සහ කෘමිනාශක සමග අයෙක් මාට්ටු
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group