රුසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගිතා සම්මේලනයට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වී තිබෙනවා.
පසුගිය 10 වැනිදා ඇරඹි මෙම සමුළුව එළැඹෙන 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
මෙම සමුළුවෙහි ප්‍රධාන සම්මේලනය රුසියානු සමුහාණ්ඩුවේ සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය ඔල්ගා ලිබියුමොවා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
ඒ සඳහා දකුණු අප්‍රිකාව, කියුබාව, මැලේසියාව, ඉන්දියාව සහ තායිලන්තය ඇතුළු රටවල් 45ක් නියෝජනය කරන සංස්කෘතික අමාත්‍යවරුන් සහ නියෝජිතයෝ රැසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද සමුළුව අමතා තිබෙනවා..
මෙම සමුළුව රුසියාවේ සංස්කෘතික අගනගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි දී පවත්වනු ලබනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













