දේශීය ලොකු ලූණු අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල දේශීය ලොකු ළුණු ගොවීන් අද දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ විරෝධතාව ව්‍යාපාරයක නිරත වී තිබුනා .
ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණි දේශීය ලොකු ලුණු ගොවියන් සහ ගෙවිලියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දේශීය ලොකුළුණු අස්වැන්න පෙන්වමින් තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්නැයි රජයට බල කරමින් සිය විරෝධතාවය පළ කළා.
උඩරට ප්‍රදේශයේ අල ගොවීන් ද මේ වන විට සිදුකරගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහයෝගය ලබා දී තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ලැබීමද සියයට අසූවකින් පමණ පහත වැටී තිබීම විශේෂත්වයකි
විරෝධතාවයට එක් වූ දේශීය ලොකුළුණු ගොවීන් සඳහන් කළේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව දැනුම් දුන්නද කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොකළ බවත් වැඩිදුරටත් සදහන් කලා .
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











