ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව වූ චෝදනාවකටයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයාව ගම්පහ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.