සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටිය දී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක සහ සළිඳු මල්ෂික ගුණරත්න යන අය ඉන් පිට කිරීමට සැලසුම් කළ බවට රුවන් චාමර වෙත එල්ල වී තිබුනා.
ඔහු සහ ඒ එම් එස් අබේසිංහ යන සැකකරු ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර ඇත්තේ.
රඳවා ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
උණුසුම් පුවත්
- නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- එජාපය – සජබය යාළු වෙයි – පාක්ෂිකයින්ට කොළ එළි
- බණ්ඩාරනායකගේ අතට 74යි – ඩාර්ලි පාරේ උත්සවයක්
- කප්තුරු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි – LIVE STREAMING –
- මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
- වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
- ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්
- හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි