කොළඹ පහ රාමනාදන් හින්දු විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ඩුබ්ලිකේෂන් පාර සම්පුර්ණයෙන්ම අද අවහිර වුනා..
දිල්සි හම්සිකා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට ගුරුවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට චෝදනා කරමිනුයි දෙමාපියන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරතව ඇත්තේ.
පසුගිය 29 වනදා මෙම සිසුවිය මිය ගොස් තිබුණා.
විරෝධතාකරුවන් විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන සේ විරෝධතාවේ නිරත වන බවයි වාර්තා වුනේ.
පොලිස් කැරළි මර්දන ඒකකය ද මෙම ස්ථානයට කැඳවා තිබුනා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවයි.
ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ද අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














