රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 යි ග්රෑම් 201 ක් සැකකරුවෙකු සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට මෙරටට එවූ පාර්සලයක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසුවේ.
මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් ඊ එම් එස් අංශයේ විදේශ පාර්සල් පරීක්ෂාවේදී එම කුෂ් තොගය සොයාගෙන තිබුනා.
මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් .













