මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 16 කණුව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක 06 වැනිදා සවස නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.
ඇයගේ මව මීට වසර හතරකට පමණ ඉහතදී පියා සහ ඇය හැරදමා ගොස් ඇත.දැරිය ආච්චි අම්මා සහ පියා සමග ජීවත් වෙමින් සිට ඇත.ඇය 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වුණා.
ඇය ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර තරුණයා විසින් ඇයට ජංගම දුරකථනයක් ලබාදී ඇත. ඒ බැව් පියා දැන ගැනීමෙන් පසු දැරියට අවවාද කර ඔහු විසින් ජංගම දුරකථනය පොඩිකර විසිකර තිබෙනවා.
ඒ පිළිබඳව සිත්තැවුලෙන් සිටි ඇය මෙසේ දිවි නසාගෙන තිබේ. ඇය විසින් ලියන ලද ලිපියක් ද කාමරයේ තිබී හමුවී තිබෙනවා
මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.එල් ජයසිංහ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.