ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22ක් හා සැකකාරියන් සිව්දෙනෙක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(13) අලුයම් කාලයේදී තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍ර මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත් පෙති 13ක් සහ නීති විරෝධී දුම්වැටි 12ක් සමග පුද්ගලයින් 22 දෙදෙනෙක් සහ කාන්තාවක් 4 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිලිගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සහ සැකකාරියන් අද(13) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එලෙස වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවද වාර්තා වනවා.
වයස අවුරුදු 26ක් වන ඇයද මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවයි වාර්තා වන්නේ.













