වවුනියාව, කරප්පුකුත්ති ප්රවදේශයේ ඉඩමක පැවති වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු ඊයේ(25) ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් වන අලියෙකු බේරාගැනීමට හැකිවූ බවත් වවුනියාව වනජිවි කාර්යාලය පවසනවා.
වවුනියාව වනජිවි කාර්යාලය පැවසූවේ රාත්රි්යේ ආහාර සොයා යන අවස්ථාවේ වන අලි දෙදෙනෙකු විශ්කම්භය අඩු වගා ළිඳකට වැටී ඇති බවයි.
එහිදි ළිඳට වැටුණු වන අලියෙකු ජලයේ ගිලීමෙන් මියගොස් ඇති අතර, අදාළ වන අලියාගේ ශරීරය මතට වැටුණු තවත් අලියෙකු බේරාගැනීමට හැකිවූ බවද වනජිවි නිළධාරීන් පවසනවා.
සිදුවීම සම්බන්ධයෙන් ප්රවදේශවාසීන් ලබාදුන් තොරතුරු මත වන අලියා ගොඩ ගැනීමට හැකිවු බවත්, මියගිය වන අලියාගේ සිරුරද ගොඩගත් බවයි වනජිවි නිළධාරීන් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.