Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    2026-02-15

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ළමුන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සමුළුවක්

    ළමුන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සමුළුවක්

    2025-07-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි සියලු ආකාර යේ හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක පියවරක් සටහන් කරමින් ළමුන්ට එරෙහි හිංසන මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය එක්ව ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවක් ආරම්භ කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වනු ලබන මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුලුව කතානායක ජගත් වික්‍රමරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ(25) සිට 27 වන දින දක්වා පැවැත්වෙනවා.

    රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්, පර්යේෂකයින් සහ ළමා ආරක්ෂණ වෘත්තිකයන් ඇතුළුව 250කට අධික පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටිනවා.

    ළඹුන් සඳහා වඩාත් ශක්තිමත් ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම එහි අරමුණ බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග එක්ව යුරෝපා සංගමයේ සහය ඇතිව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පවත්වන සමුළුවේ අරමුණ වන්නේ මෙරට දැවෙන ළමා අයිතිවාසිකම් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ශාස්ත්‍රීය සහ ආයතනික ක්‍රියාමාර්ග දිරිගැන්වීමයි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2024 වසරේදී ළමා අපයෝජන සහ ඒ ආශ්‍රීත පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් 8%කට වැඩි ප්‍රමාණ්‍යක් යම් ආකාරයක ලිංගික අපයෝජනයන් සම්බන්ධ වනවා.

    සාක්ෂි සහ දත්ත මත පදනම් වූ විසඳුම් සඳහා ඇති හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සිදු කර ඇති  නව කැපවීම්වලට සහාය වීම අරමුණු කරගනිමින් ICCP’25 සමුළුව  ප්‍රතිපත්තිම සම්පාදකයින්, විද්වතුන් සහ වෘත්තිකයින් එකට එක් කරයි.

    ගරු කථානායක ජගත් වික්‍රමරත්න, ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර, යුරෝපා සංගමයේ මෙරට තානාපතිනී Carmen Moreno, යුනිසෙෆ් ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත Begoña Arellano, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ (SRSG) ළමා හිංසනය පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය Najat Maalla M’jid, මහතා වීඩියෝ තාක්ෂණය මඟින් සුභ පැතුම් එක් කරන ලදී.

    කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය, නාමල් සුදර්ශන, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ, රොහින්ත අබේසූරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති, ජනාධිපති නීතිඥ, සුහද ගමලත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපතිනි, හිටපු මහාධිකරණ විනිසුරු  ඉනෝකා රණසිංහ, 2025 ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපති  මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්, පර්යේෂකයින් සහ ළමා ආරක්ෂණ වෘත්තිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පෙර පුව​තකාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි
    ඊළඟ පුව​ත මී කඩන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවයි

    සබැ​ඳි පුවත්

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    2026-02-15

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group