ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ කොළඹදී සිදු වුණා.
ඒ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදියි.
ඒ අනුව බි්‍රතාන්‍යය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා සහ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර ි පෝල්රාජ් මහත්මිය මෙම එකඟතාවයට අත්සන් තැබුවා.
ශ්‍ර ී ලංකාව දිගු කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින රාජ්‍යයක් වනවා.
මෙ වන විට ලෝකයේ රටවල් 34 ක් මෙම ප්‍රඥප්තිය අනුමත කර තිබෙනවා. කෙසේ වෙතත් දකුණු ආසියානු රටවල් මේ වන විටත් මෙම ප්‍රඥප්තිය සඳහා එක්ව නොමැති අතර ඒ අනුව ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණයn සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වන පළමු දකුණු ආසියාතික රට බවට පත් වනවා
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














