ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දකුණින් බවයි සඳහන් වන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළෙඳාමෙන් සියයට විස්සත් සියයට විසි පහත්, අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙනු ඇති. මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේටය, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි. ඒ හේතුවෙන් මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද එය ඉවහල් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













