හෝමාගම ප්‍රදේශයේ සුළු හා මහාවාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ යටතේ 2024 වර්ෂය තුල ක්‍රියාත්මක කෙරෙන සහ යෝජිත වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු විය.
මේ වසර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ මෙහිදී නිලධාරීන් විසින් පැහැදිලි කරන ලද අතර යෝජිත ව්‍යාපෘති අතරින් ප්‍රමඛතාව ලබා දිය යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.