නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති ලක්ෂ 13 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
ඒ සමග සැකකරුවන් 5 දෙනෙකු හා ඩිංගි යාත්‍රා 03ක්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කලේ.
මෙහිදී 13 49,640ක මත්පෙති තොගයක් භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ .
කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ දී මෙම විශේෂ වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 44 අතර පසුවන්නන් බවයි පැවසෙන්නේ.
ඔවුන් මොහොත්තුවාරම්, කුරක්කන්ගේන, වන්නිමුන්දලම සහ සින්න කුඩුරිප්පු ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන්, ඖෂධ පෙති තොගය සමග ඩිංගි යාත්‍රා 03 ඉදිරි නීතිමය පියවර සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාර දී ඇති බවද නාවික හමුදාව පැවසුවා.