අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 තුළදී සියලු දෙනා දැවී ලකුණු 79 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිතිකරුවෝ පන්දුවාර 4 ක් තුළදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 80 ක් ලබා ගනිමින් ජය හිමි කරගත්තා.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ෘ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබනවා.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.10 ට ආරම්භ වනු ඇති.













